මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Saturday, June 13, 2015

අළුත් මිතුරියක් - (ii-කොටස)



“ජිම් ! !”

හසාරා විමතියෙන් එයම ප්‍රතිරාවය කළාය.

“ඔව්, ජිම්.... ජිම් මර්බෙට් මහත්මයා.... එයා තමයිලු මෙහේ ශාරීරික අධ්‍යාපන ගුරුතුමා. ඒ වගේම අපේ නේවාසිකාගාර බලාගන්නෙත් එයා....”

නමුත් එකවිටම යමක් මතක්වූවාක් මෙන් දැරිය කතාව මොහොතක් නතර කළාය.

            “ඒක නෙවෙයි..., මම ෆියෝනා ස්ටෝන්ස්. ඔයා...?”
 
ඈ සුරත හසාරා වෙත දිගු කළාය.

            “මම හසාරා සුවිමාලි.”

අතට අත දෙමින් හසාරා පැවසුවාය.

            “හසාරා සුවිමාලි !! ”

ෆියෝනා විමතියෙන් එයම ප්‍රතිරාවය කළාය.


            “ඒ කියන්නේ ඔයා හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ ඔටුන්න හිමි කුමාරිකාවද?”

හසාරා නිහතමානීව හිස සැලුවාය.

            “ෂා........................ නියමයි !! ”

ෆියෝනා උද්දාමයෙන් පැවසුවාය.

“මගේ කාමරයට අල්ලපු කාමරේ ඉන්නේ කුමාරිකාවක් කියන්නේ කොයිතරම් අපූරු දෙයක්ද?”

            “ඒක නෙවෙයි අපි කොහොමද මර්බෙට් මහත්මයාව හොයා ගන්නේ....?”

සුපුරුදු මාතෘකාව නැවත වරක් ගෙන එමින් හසාරා විමසා සිටියාය.

 “ආ.... එයා ගොඩාක් වෙලාවට එයාගේ කාර්යාලයේ ඉන්නවා. පහල තට්ටුවේ පාඩම් කාමරය ළඟම තියෙන කාමරයේ....”

            “ඒ වුණාට මම පහල තට්ට්ටුවේ කවුරුත් ඉන්නවා දැක්කේ නැහැ නේ....”

“ම්.... එහෙනම් එයා වෙන කොහෙට හරි ගියාද දන්නෙ නෑ... සමහර විට ක්‍රීඩාගාරයේ....” 
 
ෆියෝනාගේ කතාවට බාධා කරමින් ඔවුන්ගේ කුටි පිහිටා තිබූ කොරිඩෝවේ එක් අන්තයක වූ වීදුරු ද්වාරයක් විවර වූ අතර දැරියන් දෙදෙනාගේම අවධානය ඒ වෙත යොමු විය.

           ද්වාරය තුලින් පැමිණෙමින් සිටියේ අඩි සයක් පමණ උස් වූ, හොඳින් වැඩුණු , ස්ථූල නමුත් ශක්තිමත් ශරීරයකට හිමිකම් කී වයස අවුරුදු තිහක් පමණ වූ පුරුෂයෙකි. හිසකෙස් නළලට වැටීම වැලැක්වීම පිණිස ඇදෙන සුළු රෙද්දකින් නිමවූ ක්‍රීඩකයන් පළඳින ආකාරයේ සිරස් පටියක් පැළඳ සිටි හේ ජර්සියකින් හා දණහිස් දක්වා දිගු කලිසමකින් සැරසී සිටියේය. ජර්සිය නිසා ඔහුගේ උඩුකය පිම්බී ස්ථූල භාවය තවත් වැඩි කර තිබුණි. ක්‍රීඩකයන් පළඳින ආකාරයේ පාවහන් යුගලකින් ඔහුගේ දෙපා ආවරණය විය.

“හා..... ස්ටෝන්ස්. අලුත් යාලුවෙක් හොයාගෙන වගෙයි.”

           දැරියන් දෙදෙනා දුටු හේ දුර තියාම පැවසීය. ඔහුගේ තියුණු උස් කටහඬ කොරිඩෝවේ බිත්ති වල වැදී දෝoකාර දෙන්නට විය. 
 
“මේ එන්නේ එයා... අපි මතක්කරන කොටම.”

ෆියෝනා පැවසුවේ හසාරාට පමණක් ඇසෙන පරිදිය.

           දැරියන් වෙත එළඹෙත්ම ඔහුගේ මුහුණ උඩු රැවුලින් මුක්ත බවත්, යටි රැවුල අතරින් පතර වැඩී තිබූ කෙස් ගස් කිහිපයකට පමණක් සීමා වන බවත් දෘශ්‍යමාන වූ අතර වම් ඇසට මදක් පහලින් තුවාල වලට දමනා පැලැස්තරයක්ද විය.


(නැවත හමුවෙමු......)

No comments:

Post a Comment