මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Monday, June 15, 2015

අළුත් මිතුරියක් - (iii-කොටස)




"ආ....හා.... තවත් අළුත් ශිෂ්‍යාවක්"

"ඔව් මර්බෙට් මහත්මයා.... මම හසාරා සුවිමාලි" 
 
ඈ තරමක් ගෞරව සම්ප්‍රයුක්තව පැවසුවාය.

"හසාරා සුවිමාලි. හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ කුමාරිකාව"

ජිම් කියාගෙන ගියේය.

"දැක්කනේ.... මම තමුන්ව දන්නවා.... ඒක නෙවෙයි, මට ඔය 'මර්බෙට් මහත්මයා' කියන කොටස කියන්න එපා.... නිකන්ම 'ජිම්' කියන්න. සරලවම.... 'ජිම්'. මොකද කෙටියෙන්ම කිව්වොත් 'මර්බෙට්', 'මහත්මයා' කෑලි වලට මම කැමති නැහැ."

හේ අවසාන වාක්‍යය පැවසුවේ තරමක් පහත් හඬිනි.


 "ඔව්….. ම.... ජි.... ජිම්"

හසාරා පැටලෙන්නට නොදී යන්තමින් වදන් ගලපා ගත්තාය.

"හරියටම හරි, හොඳයි. මොකක්ද දැන් තමුන්ලගේ ප්‍රශ්ණේ?"

"කුමාරිකාවට එයාගේ කාමරේ යතුර ඉල්ලගන්න බැරි වුණාලු ජිම්"

හසාරා වෙනුවට ෆියෝනා පැවසුවේ තරමක් පසුතැවිලි වන ස්වරයෙනි.

"හ්ම්.... හ්ම්.... තමුන්ගේ හැඳුනුම්පත තියෙනවද?"

හසාරා මෙතෙක් වේලා සියත රැඳි කාඩ්පත ජිම් වෙත පෑවාය. එය සියතට ගෙන දෑසට ලංකොට කියවා බැලූ හේ සිය කලිසම් සාක්කුවෙන් යතුරු කිහිපයක් පිටතට ගත්තේය.

"අංක තිස් හත.... අංක තිස් හත...."

තමාටම මුමුණා ගනිමින් යතුරු තේරූ ජිම්,

"හරි, මේ තියෙන්නේ තමුන්ගේ කාමරේ යතුර"

කියමින් නිවැරදි යතුර හසාරා වෙත පෑවේය.

"දැන් ටිකකට කලින් සිෆ් කෙනෙක් ඇවිත් බෑග් වගයක් දාන්න මා ලවා මේ කාමරේ දොර ඇර ගත්තා.... ඒ නිසා තමුන් අද ඒවි කියලා හිතාගෙනයි යතුර මා ලඟම තියාගත්තේ...."

"ස්තූතියි ජිම් !"

හසාරා පැවසුවාය.

"ඒක ගණන් ගන්න එපා...."

ජිම් පැවසීය.

"ඕන වෙලාවක මම ඉන්නවා මගේ කාර්යාලයේ, මගේ කාමරයේ, නැත්නම් ක්‍රීඩාගාරයේ.... ඕනෑම ප්‍රශ්ණයක් ආවොත් ඔයාලට පුළුවන් ඇවිත් මාව හමුවෙන්න. නේවාසිකාගාර ගැටළු...., ක්‍රීඩා ගැටළු.... ඕනෙම දෙයක්"

හේ කියාගෙන ගියේය.

"මේ වගේ වෙලාවක මට මතක්වෙනවා මගේ පාසල් කාලය. මුලින්ම මම උසස් කණිෂ්ඨ පාසලකට ගිය දවසේ මට ලොකු ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්ධ වුණා...."

"ඇබැද්දියක් ! !"

ඔහුගේ කථාවට බාධා කරමින් දැරියෝ දෙදෙන විමතියෙන් එයම ප්‍රතිරාවය කළහ.


(නැවත හමුවෙමු.......)

No comments:

Post a Comment